
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං සහභාගී වන බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය, වසර හතකට පසු චීන ජනාධිපතිවරයා ඉන්දියාවේ නිරත වන පළමු සංචාරයයි.
මෙම සමුළුව සඳහා චීනය නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පැවති අවිනිශ්චිතතාවය නිමාවට පත් කරමින් බීජිං පාලනය මෙම තීරණය දැනුම් දී ඇත්තේ සමුළුව ආරම්භ වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදීය.
පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර බීජිං නුවර පැවැති සාකච්ඡාවලදී දේශසීමා ආරවුල් පාලනය කරගැනීමට අවබෝධතාවක් ඇති කරගත් අතර, දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත්කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස මෙම සංචාරය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart