
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෙටි වීඩියෝ යෙදුමක් වන TikTok හි හිමිකාරිත්වය අමෙරිකාවට ලබාදීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වන තීරණය සම්බන්ධයෙන් එළැඹෙන සිකුරාදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර සිදුවන බව පැවසෙන දුරකතන සාකච්ඡාවකදී අවධානය යොමු කෙරෙනු ඇතැයි ද අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
TikTok හි හිමිකාරීත්වය දරණ ByteDance සමාගම එම හිමිකාරීත්වයෙන් ඉවත්වීමට එකඟ නොවන්නේ නම් සැප්තැම්බර් 17 වැනි දින එම යෙදුම අමෙරිකාව තුළ භාවිතය අක්‍රීය කෙරෙනු ඇත.
කෙසේවෙතත් අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවේ, ගනුදෙනුව අවසන් කිරීමට ඉඩදීම සඳහා එහි කාලසීමාව දීර්ඝ කළ හැකි බවයි.
මේ අතර චීන ජනාධිපතිවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් “අපේ රටේ තරුණ තරුණියන්ට ඉතිරිකර ගැනීමට අවශ්‍ය ‘සමාගමක්’ සම්බන්ධයෙන් ද ගනුදෙනුවක් ඇතිවිය යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
“ඔවුන් ඉතා සතුටු වනු ඇත! මම සිකුරාදා ජනාධිපති ෂී සමඟ කතා කරමි. සම්බන්ධතාවය ඉතා ශක්තිමත් එකක් ලෙස පවතී!!!” යනුවෙන් ට්‍රම්ප් සිය TruthSocial ගිණුමේ සටහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart