
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරනු ලබන ශ්‍රී ලාංකික හිමි නමකට එරෙහිව අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනාවන් ගොනු කර ඇති බව එරට ජනමාධ්‍ය අගෝස්තු 18 වැනිදා වාර්තා කර ඇත.
ගිනිකොන දිග මෙල්බර්න්හි පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ වැඩවාසය කරන නාඔටුන්නේ විජිත නාහිමිට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර ඇතැයි අදාළ වාර්තාවල සඳහන් වේ.
ඒ අනුව, 1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් උන්වහන්සේ චෝදනා ලැබ ඇතැයි ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාව සඳහන් කර ඇත.
ABC නාලිකාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, නාඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේට වයස අවුරුදු 16ට අඩු දරුවෙක් සමඟ අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා 13කට මුහුණ දීමට සිදුව ඇති බවයි.
දැරියන් කිහිපදෙනෙක් අනිසි ලෙස ස්පර්ශ කළ බවට පැමිණිලි 03ක් ලැබීමෙන් අනතුරුව වික්ටෝරියා පොලිසියේ ලිංගික අපරාධ මර්දන අංශයේ නිලධාරීන් උන්වහන්සේට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.
1996 සිට 2004 දක්වා කාලය තුළ මෙම සිදුවීම් සිදුවූ බව කියනු ලබන අතර, පොලිසිය චෝදනා කරන්නේ උන්වහන්සේ කීස්බරෝ විහාරස්ථානයේ දී පැමිණිලිකරුවන් සමඟ සම්බන්ධ වූ බවයි.
පසුගිය සිකුරාදා උන්වහන්සේ විභාගය කිරීමක් සඳහා උසාවියට පැමිණ ඇති අතර, ඉන් පසු ඇප මත මුදා හැර එම නඩුව නොවැම්බර් 10 වැනිදා දක්වා කල් දමා ඇතැයිද පුවත් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart