
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් ආසන්නයේ ඉවුරක් කඩාවැටී අවුරුදු තුනහමාරක් පමණ වන දරුවකු මියගොස් ඇත.
ඊයේ සවස පහට පමණ එම නිවසෙහි ජීවත් වූ කවිඳු ෂෙහන්ත නම් දරුවා මෙලෙස මරණයට පත්ව තිබේ.
මියගිය දරුවා සිටි නිවසෙහි පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් නිර්මාණය කිරීමට ඊයේ උදෑසන සිට ඉවුරක් කපා තිබේ.
මෙම කපා තිබූ එම ඉවුර අසල කුඩා දරුවා සෙල්ලම් කරමින් සිටි බව පැවැසේ.
අඩි නවයක් පමණ උසට කපා තිබූ ඉවුරෙහි පස් කොටස් ඔහුගේ සිරුර මතට වැටී තිබුණු බව වාර්තා සඳහන් කරයි.
අසල්වාසීන් එම දරුවා ගොඩට රැගෙන කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහල්ගත කළ දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලිසිය මගින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart