
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනවසර අන්තර්ජාල භාවිතය සහ ඩිජිටල් තාක්ෂණය අවභාවිතය හේතුවෙන් ළමා අපචාර වැනි සමාජ ගැටලු රැසක් රට තුළ ඇති වී තිබෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
එමෙන්ම සංවර්ධිත බොහෝ රටවල අන්තර්ජාලය සහ ඩිජිටල් තාක්ෂණය රෙගුලාසි සමඟ භාවිත වන ඔහු සඳහන් කරයි.
ළමා අපයෝජන නිවාරණ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසීය.
දිනෙන් දින ඉහළ යන සමාජ හා ආර්ථික ගැටලු හමුවේ වත්මන් සමාජය නොනවතින තරගයක පැටළී සිටින අතර තරගකාරීත්වයේ ස්වභාවය ජයග්‍රහණ සඳහා වෙහෙසීම බැවින් මානසික පීඩනයට හා ආතතියට පත් පරපුරක් හමුවන බව හෙතෙම සඳහන් කරයි.
එබැවින් ඉදිරි පුහුණු වැඩසටහන්වලදී මනෝ වෛද්‍ය ක්ෂේත්රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු පවසයි.
පාසල්වලට ලිංගික අධ්‍යාපනය හඳුන්වාදීම නුසුදුසු බවට ඇතැමුන් තර්ක කළද ලිංගික අධ්‍යාපනය වඩාත් උචිත ආකාරයට පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බව ඇමැතිවරයා සඳහන් කරයි.
එබැවින් ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලදී මේ පිළිබඳව අවධානය යොමුකර ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart