
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චිකුන්ගුන්යා රෝගය රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක් තුළ රෝග මර්ධනයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.
dailymirror පුවත්පත වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා ඇත්තේ ඩෙංගු මර්දන ක්‍රියාමාර්ග බොහෝ කලක සිට ක්‍රියාත්මක වුවද චිකුන්ගුන්යා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් නිසි මග පෙන්වීමක් ලැබී නොමැති බවයි.
මෙම රෝග දෙකම එකම මදුරු විශේෂයකින් සම්ප්‍රේෂණය වන බැවින් එය වැළැක්වීමට සමාන පියවර අනුගමනය කිරීම අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
ඩෙංගු මර්දනය සඳහා භාවිතා කරන උපකරණ සහ ක්‍රම දැනටමත් සිය සංගමය සතු නමුත් ඒවා චිකුන්ගුන්යා රෝග මර්ධනයට භාවිත කරන ලෙස නිසි මගපෙන්වීම් ලැබී නොමැති බවට ද උපුල් රෝහණ චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ ඩෙංගු රෝගීන් අඩුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබුණද, රටේ ප්‍රදේශ කිහිපයකින් චිකුන්ගුන්යා ආසාදිතයින් ඉහළ යමින් පැවතීම නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.
චිකුන්ගුන්යා රෝගය ඔවුන්ගේ වාර්තා යටතේ දැනුම් දිය හැකි රෝගයක් නොවන බවත් එම නිසා එම සිද්ධීන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඔවුන් සතුව නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart