September 5, 2025

කන්ටේනර් පෙට්ටි දෙකක රැගෙන ආ, මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරට රැගෙන ආ බැකෝ සමන් නමැත්තාගේන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිව තිබේ.

ඒ අනුව මෙම රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීශක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම විසින් සොයාගෙන තිබේ.

මෙහි තිබූ රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු විසින් වළදමා ඇති අතර, ඒවා ගොඩගැනීමට මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටියි.

මෙහි දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ, එම රසායනික තොගය වළදමා ඇති බව කියන ඉඩමයි.