
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳකගෙන් රුපියල් කෝටි 12ක දැවැන්ත මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව, චෝදනා ලැබ සිටින චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ නිල වශයෙන් දැනුම් දී තිබේ.
අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනුකරමින් මෙම දැනුම්දීම සිදු කළ අතර, මීට පෙර පැවති නඩු දිනයේදී ද සැකකරුට අයත් මෙම සුඛෝපභෝගී නිවස තහනම් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව එම කොමිසම අධිකරණයට දැනුම්දී තිබිණි.
මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ අත්හිටුවීමේ පුළුල් මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, මීට පෙර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් මහාධිකරණය විසින් තහනම් කරනු ලැබීය.
එසේම, තවත් සැකකරුවකු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට හිමි වාහන 2ක් ද මීට පෙර තහනම් කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබූ බව අධිකරණයට දන්වා ඇත.
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත ප්‍රකාරව මෙම නීතිවිරෝධී වත්කම් සහ දේපළ අත්හිටුවීමට හා තහනම් කිරීමට අල්ලස් කොමිසම දැඩි පියවර ගනිමින් සිටී.
ඉදිරිපත් වූ සියලු කරුණු සහ විමර්ශන වාර්තා සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව යළි එළැඹෙන දෙසැම්බර් මස 8 වැනි දින කැඳවීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart