March 19, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චරිත හේරත් සහ එස්.එම්.මරික්කාර් යන අයද පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

එම කමිටුවට නුසුදුස්සන් පත්කිරීමට විරෝධය පළකරමින් එම දෙදෙනා මෙලෙස කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ඉරාන් වික්‍රමරත්න යන දෙදෙනාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිවේදනය කළේය.