
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සියලු කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය.
එහි පාලනය සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පදනම නමැති සංවිධානයක් බවත්, එහි පරිපාලනය මෙහෙයවා ඇත්තේ නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදීය.
එමෙන්ම හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම වෙනස්කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ආයෝජකයකු සොයාගත් සැනින් ක්‍රීඩාංගනයේ නම වෙනස්කිරීමට සිදුවන බවයි.
දැනට භාවිත කරන නම සඳහා ආයෝජකයන් එකඟ නොවන බව ද ඔහු එහිදී පැවසුවේය.
මේ වන විට මෙම ක්‍රීඩා සංකීර්ණය සම්පුර්ණයෙන්ම ජරාවාස වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart