
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මුදල් අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී, බඳවා ගැනීමේ තරඟ විභාගවලට ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන්ට සම්මුඛ පරීක්ෂණයට සහාභගීවීමට පෙර තමන් තරඟ විභාගයේදී ලබාගත් ලකුණු අනුපිළිවෙළ අනුව තෝරාගැනීමට පියවර ගන්නා බව ඇමැතිවරයා පැවැසීය.
මේ තුළින් වඩාත් විනිවිදභාවයෙන් යුත් බඳවාගැනීම් සිදුකිරීමටත්, එසේම බඳවා ගැනීම් සඳහා කරන බලපෑම් අවම කරගැනීමටත් හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart