
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලඹේ සිට අඹතලේ දක්වා දිවෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පොලිසියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
වාහන සොරකම් ඇතුළු නිරන්තර මංකොල්ලකෑම් පිළිබඳ පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුකාරවරයා මුර සංචාර සංඛ්‍යාව වැඩිකිරීම, පිවිසුම් ස්ථාන ආරක්ෂා කිරීම සහ මාර්ගයේ සීසීටීවී කැමරා සවිකිරීම සඳහා පොලිසිය සමඟ රැස්වීමක් කැඳවා සකච්ඡා කර තිබේ.
ගල්, ඇණ ගැසූ ලී ආදිය තබමින් මෙම මාර්ගය අවහිර කර කොල්ලකෑම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇතැයි පසුගියදා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.
පොලිස් මුරපොලවල් පිහිටුවීම, වීදි ආලෝකකරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රදේශයේ අඛණ්ඩ නිරීක්ෂණ ස්ථාපිත කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.
දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින එම ප්‍රදේශය වඩා හොඳ පරිපාලන අධීක්‍ෂණයක් සඳහා මුල්ලේරියාව සහ මාලඹේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැවරීමේ විභවය පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart