
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 පළාත් පාලන මැතිවරණය සඳහා ‘පොදුජන එක්සත් පෙරමුණ’ විසින් ප්රචාරක කටයුතු සඳහා නීතිවිරෝධී ලෙස තම නම සහ ඡායාරූප භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජාතික මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා ඇත්තේ, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල පුටුව ලකුණ යටතේ තරඟ කරන ‘පොදුජන එක්සත් පෙරමුණ’ විසින් තම නම සහ රූපය සහිත පෝස්ටර් සහ පත්‍රිකා භාවිත කර ඇති බව තමාට වාර්තාවී ඇති බවයි.
මැතිවරණ ප්‍රචාරණය සඳහා තම නම හෝ ඡායාරූප භාවිත නොකරන ලෙසත්, එම පක්ෂය සමඟ ඇයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන් ‘පොදුජන එක්සත් පෙරමුණ’ පක්ෂයට දැනුම් දුන් බව හිටපු ජනාධිපතිනිය පවසයි.
කෙසේවෙතත්, පක්ෂය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා තම නම සහ රූපය භාවිත කිරීම දිගටම කරගෙන යන බැවින්, මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පෙන්වාදෙයි.
එබැවින්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මැතිවරණ ප්‍රචාරණය සඳහා තම නම සහ රූප භාවිත කිරීමෙන් වළකින ලෙස එම පක්ෂයට දැනුම් දෙන ලෙසත් හිටපු ජනාධිපතිනිය ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart