
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ තුන්වන චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන් 03 යානය සඳට ආසන්න වෙමින් පවතී.
එහි ඇති ලෑන්ඩරය සහ රෝවරය අගෝස්තු 23 වන දින චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර රුසියාවේ ලූනා-25(Luna-25) අභාවකාෂ යානයද වේගයෙන් චන්ද්‍රයා වෙත ලඟා වෙමින් සිටියි.
පසුගිය සතියේ දියත් කරන ලද Luna-25, අපේක්ෂා කළ දිනට වඩා දිනකට හෝ දෙකකට සඳ මතට පෙර ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රුසියානු අභ්‍යවකාශ යානය, අඩ සියවසකට ආසන්න කාලයකට පසු ක්‍රියාත්මක පළමු සඳ මෙහෙයුම වේ.
රුසියාව අපේක්ෂා කරන්නේ Luna-25 අගෝස්තු 21 හෝ 22 චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසිනු ඇතැයි කියාය.
කෙසේ වෙතත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සිදුකරන සිව්වන රට බවට පත්වීමට ඉන්දියාව සුදානමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart