
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා පැවති P2P පාපැදි ධාවන තරගයේ 40න් පහළ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබාගත් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීර විජේබන්ඩාර ඔහුට හිමි සම්මානය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙතින් ලබාගැනීම් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත මුදාහැර ඇති හිංසනයට අප්‍රසාදය පළකරමිනි.
මෙහිදී ඔහු ඉතාමත් නිහතමානීව සහ වෘත්තීමය ලෙස එම ප්‍රතික්ෂේප කිරීම සිදුකළ අතර, ඉන් පසුව එහි අර්ථය පිළිබදවද ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
මෙය කිසිදු පෞද්ගලික පදනමක් මත නොවන බවත්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දියත් කර ඇති හිංසනයට විරෝධය දැක්වීමක් ලෙසත් ඔහු මෙම ක්‍රියාව විස්තර කර තිබිණි.
ඔහුගේ මෙම ක්‍රියාවට විශාල මහජන ප්‍රසාදයක් හිමිවිය.
කෙසේවෙතත් මේවන විට චමීර විජේබන්ඩාරට, ඔහුගේ මාපියන්ට සහ ඔහු හදුනන පුද්ගලයන්ට පොලිසිය විසින් දෛනිකව තොරතුරු ඉල්ලමින් හිංසා කරන තත්වයක් නිර්මාණය වී තිබෙන බව පැවැසේ.
පසුගිය 15වැනිදා වැලිමඩ පොලීසිය යැයි කියමින් දෙදෙනෙක් පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් ඔහු ගැන තොරතුරු ඉල්ලා ඇති අතර, 16වැනිදා පාර්ශව කීපයකින් ඔහු පිළිබදව තොරතුරු සොයා බලා තිබේ.
17 දින නැවතත් ග්‍රාම නිලධාරීවරයා හරහා ඔහුගේ තොරතුරු විමසා ඇත.
මෙම තත්වය තුල මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීරට ඔහුගේ දෛනික ව්‍යාපාර කටයුතුවලට පවා බාධා ඇතිව ඇති අතර, මෙය ඔහුගේ මාපියන්ටද දැඩි මානසික පීඩාවක් එල්ල කරමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart