
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදවතේ ගායකයා ලෙස ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට අද (27) සිය නිවස බලා පිටත්ව ගියේය.
දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.
චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ශ්වසන අපහසුතාවක් හේතුවෙනි.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ මීට සති කිහිපයකට පෙර සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකියාව තිබුණද තවදුරටත් දැඩිසත්කාර ඒකකයේම තබා ගනිමින් ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.
ඒ, යම් හෙයකින් ඔහුගේ සුවදුක් විමසීමට රෝහලට පිරිස් පැමිණියහොත් චාමරට අවශ්‍ය විවේකය නොලැබෙණු ඇති බවට විශ්වාසය පළකරමිනි.
එසේම චාමර වීරසිංහ රෝහල්ගත කළ මොහොතේ සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ආගමික වතාවත්වල නිරත වෙමින් ඔහුට සුවය ප්‍රාර්ථනා කිරීම් ද සිදුකළහ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart