
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ලේකම්වරයා වෙත සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ යොමුකර ඇත.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන දැනුවත් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කර තිබේ.
පසුගිය කාලසීමාව තුළ අමාත්‍යංශ ලේකම්වරයාගේ අනිසි බලපෑම් සහ මැදිහත්වීම් නිරන්තරයෙන් සිදුවූ අතර වර්තමානයේ දී ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට අතපෙවීම් සිදුකරමින් සිටින බව සභාපතිවරයා සඳහන් කරයි.
තවදුරටත් මෙවැන් අත්තනෝමතික ක්‍රියා සිදුකරනු ලබන නිලධාරියකු යටතේ සේවය කිරීමට ඇති අකමැත්ත මත මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තීරණය කර ඇති බව සභාපතිවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart