
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ(අගෝස්තු මස 25) සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොළී අනුපාත පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.
උකස් පොළී අනුපාත, ණයපත් පොලී අනුපාත සහ ක්‍රෙඩිට් කාඩ් පොළී අනුපාත ඇතුළු නියමයන්ට අදාළ සියලුම පොළී අනුපාත අඩුකිරීමට මෙලෙස මහ බැංකුව නියෝග කර ඇත.
මහ බැංකුව නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් පරිදි 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර තිබෙන එම නියෝගය මඟින් පොළී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර තිබේ.
සාමාන්‍ය ණය පොළී අනුපාතය සියයට 13.5 මට්ටමේ පවත්වාගෙන යන ලෙස එමඟින් සියලුම මූල්‍ය ආයතනවලට දන්වා ඇත.
එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොළී අනුපාතය සියයට 18ක් ලෙසත් ණයපත් පොළී අනුපාතය සියයට 28ක මට්ටමක පවත්වා ගෙන යන ලෙසත් මෙමඟින් දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart