March 20, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මාර්තු 22 – 23 දිනවල නුවරඑළියේ ග්‍රෙගරි ලේක් රථගාලේදී “විවෘත දින වැඩසටහනක්” සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනට මාර්තු 23 වැනි දින පෙ.ව. 10.00 ට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද සහභාගී වනු ඇත.

මෙම වැඩසටහනට ඇතුළත් වන්නේ:

· ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය – නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් කිරීම පිළිබඳ පුද්ගලාරෝපිත මගපෙන්වීම මෙම අවස්ථාවට ඇතුළත් වේ. මෙම අවස්ථාවට බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) විසින් ප්‍රායෝගික අත්දැකීම් සහ සහභාගීත්වය සඳහා පහසුකම් සපයනු ඇත.

· සේවක අර්ථසාධක අරමුදලේ(EPF) ජංගම සේවා – සේවක අර්ථසාධක අරමුදල් (EPF) සේවාවන්ට අදාළ ස්ථානීය සහාය ලබාදීම

· මහබැංකු ප්‍රකාශන – මහජනතාව සඳහා මහබැංකු ප්‍රකාශන මිලදී ගැනීම සඳහා වෙන්වූ පොත් කුටියක්.

මෙම අවස්ථාවට සහභාගී වී සේවා ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා මහබැංකුව ආරාධනා කරයි.