
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව ඇමැති කංචන විජේසේකර සමග හමුවකට ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සහභාගි විය.
මෙහිදී මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට, අක්වෙරළ සුළං ව්‍යපෘති, ඉන්දු ලංකා විදුලි සම්බන්ධතාවය සහ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ලබා දෙන තාක්ෂණික සහය වෙනුවෙන් ඇමැතිවරයා ස්තුතිය පළකර තිබේ.
මේ අතර, ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන මූල්‍ය සහාය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart