
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදයට පිළියම් ලෙස සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර සිදු කළ ඉල්ලීමකට අනුමැතිය නොදීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතල අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
මෙහිදී රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටින අතර එම තත්ත්වයෙන් මිදීමට විශාල පිරිවැයක් දරා ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.
වව්නියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
පෙත්සම්කාර සමාගම කියා සිටින්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තම සමාගම විසින් 2016 වසරේ මැයි මස අයැදුම්පතක් ඉදිරිපත් කළ බවත් ඊට ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු බවත් ය.
එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බාධා පමුණුවමින් ඊට අවශ්‍ය අනුමැතිය ලබා නොදීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පෙත්සම්කාර සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙහි තීන්දුවට අනුව, මේ පිළිබඳ විමර්ශනය කර වගකිවයුත්තන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වහාම අධිකරණය දැනුවත් කරන ලෙස අධිකරණ ඇමැතිවරයාට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මෙහි පෙත්සම්කාර සමාගමේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 වන්දියක් එම සමාගමට ගෙවීමට විදුලිබල මණ්ඩලයට නියම කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කර වගකිව යුතු නිළධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart