
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදිසියේ විස්මයජනක ලෙස අනාවරණය කෙරුණු සමනලවැව ජලාශයේ ජල කාන්දුව හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 2. 7ක පාඩුවක් සිදුවන් බව අනාවරණය වේ.
ජල විදුලි උත්පාදනය සඳහා භාවිත කරන ජලාශයක් වන සමනලවැව ජලාශයෙන් වාර්ෂිකව ජලය ඝන මීටර් බිලියන 2.7ක් කාන්දුවන බව විෂයභාර ඇමැති කංචන විජේසේකර ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවක දී අනාවරණ කළේය.
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ විදුලිබල මණ්ඩලයට අයත් සමනලවැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන 07ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.
මේ අතර විදුලි බල මණ්ඩලයේ වාර්තා හෙළිකරන ආකාරයට ජලාශයේ මට්ටම අනුව ජලය කාන්දුවීමේ වේගය වෙනස්වෙමින් පවතී.
දැනට ජලය කාන්දුව සිදුවන සිදුරු මඩ සහ පස්වලින් පිරවීමට විදුලිබල මණ්ඩලය පියවර ගනිමින් සිටින බව පැවැසේ.
මීට පෙර ඇමැති කංචන විජේසේකර කියා සිටියේ විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය, ජලාශයේ ප්‍රාථමික ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වී ඇති බවත්, වැඩි ජල සංරක්ෂණය සඳහා මෙම කාන්දුවීම් යථා තත්ත්වයට පත්කිරීමට දැන් කටයුතු කරමින් සිටින බවත්ය.
කෘෂිකාර්මික හා කුඩා ජලවිදුලි උත්පාදන කටයුතු සඳහා ඇතැම් පුද්ගලයන් පහළට කාන්දු වන ජලය භාවිත කරන බවද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart