
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුළු දිවයිනම ආවරණය වන පරිදි මූල්‍ය වංචා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ ඒවායින් ආරක්ෂා වීම සඳහා වූ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත්, මාසයක් පුරා ක්‍රියාත්මක වන “Be Scam Proof” (මූල්‍ය වංචාවලින් ආරක්ෂා වෙමු) ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ(02) ආරම්භ කරන ලදී.
කොළඹ පැවැති මෙම සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, නීත්‍යානුකූල සහ නියාමනය කරන ලද මූල්‍ය සේවා පිළිබඳ මහජනතාව සතු දැනුවත්භාවය සීමිත වීම සහ ඩිජිටල් මූල්‍ය වංචාවල පවතින ඉහළ තාක්ෂණික දියුණුව හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය වංචා අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
තාක්ෂණික දියුණුව මෙන්ම තොරතුරු ගලායාමේ පවතින හිඩැස් ද උපයෝගී කරගනිමින්, නීතිවිරෝධී ආයෝජන යෝජනා ක්‍රම, වංචනික අන්තර්ජාල සබැඳි (links) සහ වෙනත් නොමඟ යවන සුළු මූල්‍ය උපක්‍රම හරහා වංචාකරුවන් පුද්ගලයන් ඉලක්ක කරගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.
බලපත්‍රලාභී මූල්‍ය ආයතන සහ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් අතර වෙනස හඳුනා ගැනීමට බොහෝ දෙනෙකුට තවමත් නොහැකි වී ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පිරමිඩ ජාවාරම්, නීතිවිරෝධී ලෙස තැන්පතු ලබාගැනීමේ කටයුතු, අධික ලාභාංශ පොරොන්දු වන නොමඟ යවන සුළු ආයෝජන ක්‍රම සහ ඩිජිටල් වංචා හේතුවෙන් පුද්ගලයන්ට විශාල මුල්‍ය අලාභයන් සිදුවනවා පමණක් නොව, විධිමත් මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය ද බිඳ වැටෙන බවට නන්දලාල් වීරසිංහ අනතුරු ඇඟවීය.
මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය, මූල්‍ය පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමේ පුළුල් ප්‍රයත්නයක කොටසක් වන අතර එය ශ්‍රී ලංකාවේ ජාතික මූල්‍ය අන්තර්කරණ උපායමාර්ගයට (National Financial Inclusion Strategy) ද අනුග්‍රහයක් දක්වන බව අධිපතිවරයා පැවසීය.
මූල්‍ය වංචා මර්දනය කිරීම සඳහා නියාමන ආයතන, මූල්‍ය ආයතන, විදුලි සංදේශ සේවා සපයන්නන්, සයිබර් ආරක්ෂණ බලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, මාධ්‍ය සංවිධාන සහ අන්තර්ගත නිර්මාණකරුවන් (content creators) අතර ඒකාබද්ධ සහයෝගීතාවයක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
මෙම ප්‍රචාරක වැඩසටහන යටතේ මහ බැංකුව විසින් පෝස්ටර්, කෙටි චිත්‍රපට, තේමා ගීතයක් මෙන්ම සාම්ප්‍රදායික සහ ඩිජිටල් මාධ්‍ය වේදිකා ඔස්සේ සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන බහුමාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.
මෙම මුලපිරීම යටතේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාවන්, අඩු ආදායම්ලාභී පවුල්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, තාරුණ්‍යය මෙන්ම පාසල්, විශ්වවිද්‍යාල සහ සේවා ස්ථාන වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඉලක්ක කරගනු ඇත.
නිරන්තරයෙන් අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි නන්දලාල් වීරසිංහ, සැකකටයුතු පොරොන්දු පිළිබඳව ප්‍රශ්න කරන ලෙසත්, මූල්‍ය දීමනා විශ්වාස කිරීමට පෙර තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගන්නා ලෙසත්, තමන්ගේ මූල්‍ය යහපැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම දැනුවත් කිරීමේ ප්‍රයත්නයන් රට පුරා සිටින ප්‍රජාවන් වෙත ළඟා කරවීමට සහ සැබවින්ම “මූල්‍ය වංචාවලින් ආරක්ෂිත” (Scam Proof) ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart