
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සහ පාර්ලිමේන්තුවේ උපදෙස් පරිදි වැටුප් සංශෝධන ක්‍රියාත්මක කරමින් තිබෙන බව මහ බැංකුව තහවුරු කර තිබේ.
මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ ස්වාධීන කමිටුවක් සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු වාර්තාවේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි.
2024-2026 ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමඟ ත්‍රිවාර්ෂික සාමූහික ගිවිසුමක් යටතේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් සංශෝධන බෙහෙවින් මතභේදයට තුඩු දී තිබිණි.
ඒ අනුව එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද විවේචනයට ලක්වූ අතර වැටුප් වැඩිවීම් සාධාරණීකරණය කිරීම සඳහා මාර්තු 6 වැනි දින මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවනු ලැබීය.
මන්ත්‍රීවරු මෙම පියවර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දුටු අතර, පූර්ව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඒකපාර්ශ්විකව වැටුප් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිමය බලයක් නොමැති බවට ද තර්ක කළහ.
මෙම වැඩිවීම් හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 232ක අමතර වියදම් ද ඔවුන් පෙන්වා දී තිබිණි.
ඒ අනුව අප්‍රේල් 01 වැනිදා මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා වැටුප් වැඩිවීම් සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වැටුප් කමිටුවක් පත් කළේය.
දිනේෂ් වීරක්කොඩිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනි නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස් විජේසිංහ සහ දුමින්ද හුලංගමුව ඇතුළත් විය.
වැටුප් වැඩිවීම් සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද ස්වාධීන වේතන කමිටු වාර්තාව ලැබී ඇති බවත්, වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක නොකළ යුතු බවට වාර්තාවෙන් පෙන්වා දී ඇති බවත් ජූනි 19 වැනිදා රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart