
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘හරක් කටා’ නොහොත් නදුන් චින්තකගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති විසින් ජනමාධ්‍ය ආයතන කිහිපයකට රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ලිපි යොමුකර තිබේ.
ඇය චෝදනා කර ඇත්තේ එම ජනමාධ්‍ය ආයතන ඇය සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක ප්රවෘත්ති පළකර ඇති බවයි.
‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු කුප්‍රකට පාතාල සාමාජිකයන් කිහිපදෙනකු සමඟින් මධුවන්ති නමැත්තිය සහ ඇගේ දරුවා මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට තහවුරු නොකළ ප්‍රකාශයන් ප්‍රචාරය කරන බවට නීතීඥ උදුල් ප්‍රේමරත්න හරහා යොමුකර ඇති එන්තරවාසියකින් අදාළ ජනමාධ්‍ය ආයතනවලට මහේෂිකා මධුවන්ති නමැත්තිය දැනුම්දී ඇත.
නීතීඥ උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කර ඇත්තේ, අදාළ වෙබ් අඩවිවල, යූ ටියුබ් නාලිකාවලට සහ ප්රවෘත්ති ප්රකාශනවල පළ වූ ප්‍රවෘත්තිය මගින් කිසිදු පදනමක් හෝ නීත්‍යානුකූලභාවයක් නොමැතිව මධුවන්ති මැලේසියාවේ පොලිස් අත්අඩංගුවේ පසුවන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ බවයි.
ඇය තම දරුවා සමඟ ඇයගේ නිවසේ රැඳී සිටින බවත්, කිසිදු නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් විසින් අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කර නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
එම ප්‍රවෘත්තිය සිය සේවාදායකාව වන මධුවන්ති නමැත්තියට සහ ඇගේ දරුවාට දැඩි මානසික පීඩාවක් ඇති කර ඇති අතර, ඇයගේ පෞද්ගලික කීර්තිනාමයට ද දැඩි ලෙස හානිකර ඇති බව එම ලිපියේ සඳහන් වේ.
එම අසත්‍ය ප්‍රවෘත්තිය වහා ඉවත්කර නිවැරදි කිරීමක් ප්‍රකාශයට පත්කරන ලෙස ඇය නීතීඥවරයා හරහා එම ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.
එලෙස නොකරන්නේ නම්, රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා නීතිමය කටයුතු ආරම්භ කරන ලෙස ඇය සිය නීතිඥවරයාට උපදෙස් දී ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart