April 23, 2025

පාප් පදවිය සඳහා තේරී පත්විය හැකි ජනප්‍රිය කාදිනල්වරු රැසක් සිටින බවත්, අවසානයේදී දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය සිදුවනු ඇතැයි ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ මේ බව පැවසූහ.

“ලෝකය පුරා ජනමාධ්‍ය ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා විය හැකි කාදිනල්වරුන් නම්කරනවා. ඒ අතර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබෙනවා. ඒ කුමක් වුවත් අවසානයේදී දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිදුවෙයි” පියතුමන් ජනමාධ්‍ය හමුවේ පවසා ඇත.