
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘සිනමන් ලයිෆ්’ නමැති සුපිරි නිවාස සංකීර්ණයෙන් තමා නිවෙසක් මිලදීගෙන ඇති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ, මෙලෙස ව්‍යාජ තොරතුරැ ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද පියවර ගන්නා බවයි.
පහතින් දැක්වෙන්නේ ඔහු ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස්බුක් සටහනයි.
‘සිනමන් ලයිෆ් නැමැති නිවාස සංකීරණයක නිවසක් මිල දී ගෙන ඇති බවට මා සම්බන්ධයෙන් වන සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට යම් කිසි කණ්ඩායමක් විසින් කටයුතු කරමින් සිටින බවට කරනු හෙළි වී ඇත. මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති අතර, මාගේ පක්ෂය ද මහජනතාව ද මා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබ මල් රේණුවකිනිදු හානියක් සිදුවන කටයුත්තක් මා විසින් සිදුකර නොමැති බවත් ප්‍රකාශ කර සිටිමි. නීතීඥවරෙයක් ලෙසද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් මා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිට ඇත. එසේ වුවද එකී අයිතිය වල් වැදුණු නිදහසක් නොවන අතර, එකී නිදහස දුෂ්ඨ ලෙස අවභාවිත කිරීම එය දිනා ගැනීමට මානව ශිෂ්ටාචාරය පුරා අනේක විද කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයකි.
මා සම්බන්ධයෙන් සිදු කර ඇති දේවේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ද, ඒ මත පිහිටා සිදු කරනු ලබන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන අතර, හදුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහි සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට නඩු පැවරීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතී..’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart