
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අරමුදලින් නැවත ගෙවීමේ පදනම යටතේ විශාල මූල්‍යාධාර ප්‍රමාණයක් ලබාගෙන එම ණය පියවා නැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකට පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට රජය තීරණය කර ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.
මෙලෙස නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් අරමුදල් ලබාගෙන ඒවා නොපියවූ අය අතර හිටපු අගමැතිවරයෙක් සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක් සිටින බව පැවැසේ.
හිටපු අගමැතිවරයා වෙනුවෙන් පමණක් එලෙස ජනාධිපති අරමුදලින් ලබා දී ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 290 කි.
තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 130 ක් මෙලෙස පියවීමේ පදනම යටතේ අරමුදල් සම්පාදනය කර දී ඇත.
මෙලෙස නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන එම අරමුදල් මෙතෙක් නිසි ලෙස පියවා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් ජයකොඩි පමණක් බවද වාර්තා වෙයි.
ඔහුට ජනාධිපති අරමුදලින් නැවත පියවීමේ පදනම යටතේ ලබාදුන් මුදල වන රුපියල් ලක්ෂ 6ක මුදල නිසි ලෙස පියවා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart