
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ඇතැම් ඇමැතිවරුන් ආගමික නායකත්වයට පරිභව කරමින් කරන ප්‍රකාශ තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) පැවසූහ.
බෞද්ධ ධර්මයේ ආභාෂයෙන් ගොඩනැඟුණු මෙරට නායකයන් එම අනුගාමික නායකයන්ට ගරුකළ යුතු බව නිදහස් දිනය වෙනුවෙන් ඊයේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී කාදිනල්තුමා පැවසීය. එහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද කීහ.
“අප රටේ ආධ්‍යාත්මික චින්තනය බොහෝදුරට හැඩගැසී ඇත්තේ ක්‍රිස්තුපූර්ව තෙවැනි ශතවර්ෂයේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එන ලද බුදුදහම හා එහි වටිනාකම තුළයි. අපේ ගති පැවතුම් ද විනයානුකූල බව හා ශිෂ්ටත්වය ද බොහෝදුරට සැකසී ඇත්තේ ඒ තුළය. තමන්ට කැමති ආගමක් හා ජීවිත දර්ශනයක් අනුගමනය කිරීමට සැමට නිදහස තිබෙනවා. එහෙත්, අපේ රට දීර්ඝ ආගමික පැවැත්මකින් විශේෂ ලෙස බෞද්ධ ධර්මයේ ආභාෂයෙන් ගොඩනැඟුණු රටක් වන නිසා රටේ නායකයන් ඒ ආගමික පැවැත්මට ගරු කළ යුතුයි.
යම් දේශපාලන න්‍යායක් තුළ සිරවී අප සමාජය ආගමික හා ඒ තුළ ජනිත වන සදාචාරාත්මක පැවැත්මට ප්‍රතිවිරුද්ධ අයුරින් ගොඩනැංවීමට උත්සාහ කරනවා. එය අප බලාපොරොත්තු වන ආර්ථික හා සමාජීය ප්‍රගතිය අත්කර ගැනීමේ මඟ නොවෙයි.
රට පාලනය කරන අය බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන්ට දක්වන ප්‍රතිචාරය හා රටේ පොදු ප්රශ්නවලදී ඔවුන්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති ලෙස සැලකීමේ තත්ත්වය වැඩි වී ඇතැයි පෙනෙනවා. ඇතැම් රජයේ ඇමැතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක්කරමින් කරන ප්‍රකාශ අප හෙළා දකිනවා.
රටක සැබෑ ආර්ථික ප්‍රගතිය රැඳී ඇත්තේ දැහැමි ප්‍රතිපත්තිය ඒ රට තුළ ගොඩනැගුණහොත් විතරයි. අප රටේ ව්‍යවස්ථාව පවා සනාථ කරන්නේ ශ්‍රී ලංකාව ආගමික පැවැත්මට මුල්තැන දෙන රටක් බවයි. ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලැබුවට, ප්‍රතිපත්තියක් නැත්නම් සාධාරණකම පිළිබඳ අවබෝධයක් නැත්නම් සියලුදෙනා සමග සම්පත් බෙදා ගැනීමේ අවශ්‍යතාව ගැන හැඟීමක් නැත්නම් ඒ සමාජය වැඩිකල් නොගොස් පිරිහෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart