
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට පිරිසක් උත්සාහ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
ඊයේ, ඉරිදා දේව මෙහෙයක් අමතමින් අගරදගුරු හිමිපාණන් කියාසිටියේ, හිටපු රාජ්‍ය නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නව කණ්ඩායමක් විමර්ශනය සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් ඇති කිරීමට දැන් කටයුතු කරමින් සිටින බවයි.
“පසුගිය ආණ්ඩුවේ වාර්තා දෙකෙන් එකක තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිර්දේශයමයි. එකම වෙනස වන්නේ නව වාර්තාවේ නව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කර තිබීමයි. එම නිර්දේශයට අදාළ උපදෙස් ලබාදී ඇත්තේ හිටපු ආණ්ඩුව බව පැහැදිලියි.” යැයි උන්වහන්සේ පැවැසූහ.
එම වාර්තා දෙක තමන් පිළිගන්නේ නැති බව ප්‍රකාශ කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇති බවත් එය ඉටුවන්නේ දැයි සභාව බලාසිටින බවත් ප්‍රකාශ කළහ.
2019 පාස්කු ප්‍රහාරයට අදාළව මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙකක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රජයට කළ අනතුරු ඇඟවීමෙන් පසුව උන්වහන්සේ මෙම අදහස් පළකළහ.
එම වාර්තා දෙක සම්බන්ධයෙන් අද ජනමාධ්‍ය වෙත හෙළිදරව්වක් කරමින් උදය ගම්මන්පිල කියාසිටියේ හිටපු පොලිස් නිලධාරීන් වන රවී සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට එරෙහිව නීතිමය පියවර ගැනීමට එම වාර්තා නිර්දේශ කර ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart