
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනිසියුලානු අගනුවරට දකුණින් පිහිටි ප්‍රධාන හමුදා කඳවුරක් ඇතුළු එරට හමුදා කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැකිය හැකි වන්නේ කැරකස් නුවර හරහා පිපිරීම් ගණනාවක් සිදුව ඇති ආකාරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිද සිදුකර ඇත.
වෙනිසියුලාවේ ගොඩබිම් මෙහෙයුම් නැවත නැවතත් සිදුකරන බවට ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.
ඔහු තම අරමුණු ප්‍රසිද්ධියේ විස්තර කර නැතත් ජනාධිපති නිකොලස් මදුරෝට රටින් පලා යන ලෙස පෞද්ගලිකව බලපෑම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
ට්‍රම්ප් සඳුදා පැවසුවේ මදුරෝ බලයෙන් ඉවත් වීම ‘බුද්ධිමත්’ වනු ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමකට පෙන්ටගනය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත.
කැරිබියන් දූපත්වල ස්ථානගත කර ඇති ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්, යුද නැව් සහ දියුණු ප්‍රහාරක ජෙට් යානා ඇතුළුව එක්සත් ජනපදය එම කලාපයේ ප්‍රධාන මිලිටරි ගොඩනැගීමක් සිදුකර ඇත.
ට්‍රම්ප් වෙනිසියුලානු තෙල් නෞකා අවහිර කිරීමක් ද නිවේදනය කර ඇති අතර, සම්බාධක පුළුල් කර තිබේ.
පැසිෆික් සාගරයේ සහ කැරිබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට එක්සත් ජනපදය චෝදනා කරන යාත්‍රාවලට ප්‍රහාර දුසිමකට වඩා එල්ලකර ඇත.
පසුගිය සතියේ ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය වෙනිසියුලාවේ මත්ද්‍රව්‍ය පටවා ඇති බෝට්ටු ප්‍රදේශයකට පහර දුන් බවයි.
එම ප්‍රහාර CIA විසින් සිදු කරන ලද ඒවාද නැද්ද යන්න ඔහු ප්‍රකාශ කළේ නැත.
ඔත්තු ඒජන්සිය ඔවුන් පිටුපස සිටින බව වෙනත් මාධ්‍ය වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart