
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ නොසන්සුන්කාරී නිරිතදිග පළාතක් වන බලුචිස්තානයේදී හමුදා නිලධාරීන් රැගත් දුම්රියක් ඉලක්ක කරගනිමින් දුම්රිය මාර්ගයක් අසල සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
වාර්තාවලට අනුව, දුම්රිය ක්වෙටා හි චමන් පට්ටක් ප්‍රදේශයේ සංඥා කණුවක් පසුකර යමින් තිබියදී පුපුරණ ද්‍රව්‍ය රැගත් මෝටර් රථයක් එහි එක් මැදිරියක ගැටීමෙන් මෙම පිපිරීම සිදුව ඇත.
පෙෂාවර් බලා යමින් සිටි හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් මෙම අනතුරෙන් මියගිය අය අතර වෙති.
ඔවුන් ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත ඊද් උත්සවය සැමරීම සඳහා මෙලෙස ගමන් කරමින් සිටි බව AFP පුවත් ඒජන්සිය වාර්තා කළේය.
පිපිරීමේ ප්‍රබලත්වය හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක් පෙරළී ගොස් ගිනිබත් වී ඇති අතර අනතුර සිදුවූ ස්ථානයෙන් ඝන කළු දුමාරයක් අහසට නැඟෙන අයුරු දැකගත හැකි විය.
එමෙන්ම, මිනිසුන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා සුන්බුන් මතින් ඉහළට නඟින විට, විනාශ වූ දුම්රිය මැදිරියක් පැත්තකට පෙරළී තිබෙන අයුරු ඡායාරූපවලින් දර්ශනය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart