
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පිළිකා රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඒ අනුව, මෙරට සිදුවන මරණවලට දෙවැනි ප්‍රධානතම හේතුව පිළිකාව බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඒෂානි ප්‍රනාන්දු සඳහන් කරයි.
රජයේ දත්ත වලට අනුව 2019 වසරේ පමණක් පිළිකාව හේතුවෙන් මරණ 15,599ක් සිදුවී ඇති අතර, 2020 වසරේ නව රෝගීන් 37,649ක් වාර්තා වී ඇත.
මෙරට පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන්නේ මුඛ පිළිකාව වුවද, බටහිර රටවල බහුලව දක්නට ලැබෙන්නේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව බව වෛද්‍ය ඒෂානි ප්‍රනාන්දු සඳහන් කර තිබේ.
එමෙන්ම දුම්පානයේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ප්‍රමාණවත් වැඩසටහන් ක්‍රියාත්මක නොවන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart