
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය පදනම් කරගත් හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් (Heart to Heart International) ආයතනය මෙරට ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබාදෙමින් සිය 09 වැනි හදිසි ඖෂධ තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ උපදෙස් පරිදි මෙම පරිත්‍යාගය සිදු කළ බව නිවේදනයක් නිකුත් කරමින් වොෂින්ටන් D.C.හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 644,160.128ක (රුපියල් 213,378,042.4) වටිනාකමින් යුත් මෙම ඖෂධ තොගය මේ වන විට අවශ්‍ය රජයේ අනුමැතිය ලබාගෙන මෙරටට එවීමට සූදානම්ය.
අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඇම්ලොඩිපයින් බෙසිලේට් සහ වකුගඩු, අග්න්‍යාශය, පියයුරු සහ මොළයේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන එවරොලිමස් මෙම ඖෂධ තොගයට ඇතුළත් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මෙම දූත මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන්, නවවැනි පරිත්‍යාගය මෙම මස අවසන් වන විට ගුවන් මගින් මෙරටට ගෙන ඒමට නියමිතය.
පෙර පරිත්‍යාගවලට සමානව, සියලුම වියදම් හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් ආයතනය දරනු ලබන අතර, මෙරට ජනතාවට කිසිදු වියදමකින් තොරව ඖෂධ බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාගය කර ඇත.
මේ වන විට, එක්සත් ජනපදය විසින් මෙරට ජනතාවට ලබා දී ඇති මුළු ඖෂධ පරිත්‍යාගය අමෙරිකානු ඩොලර් 46,806,029.58 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 15) වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart