
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සේවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද (06) යළි කැඳවා තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දිනයේ කාරක සභාව හමුවේ සිදු කළ ප්රකාශය සම්බන්ධව ප්රශ්න කිරීමට ඔහුව කැඳවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රි සාගර කාරියවසම් පවසයි.
පසුගිය පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හමුවේදි හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් සඳහන් කළේ , ‘රට බංකොලොත් බව ප්රකාශ කිරීම කුමන්ත්රණයක් ‘ වන බවයි.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හමුවට විගණාකාධිපතිවරයාද කැඳවීමට තිරණය කර ඇති බව එහි සභාපති සාගර කාරියවසම් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart