
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා ඇල්ල ප්‍රදේශයේ දී 15 දෙනකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වූ බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සඳහා අයිතිකරු විසින් මුදල් වැයකර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
බස් රථ අනතුරේ විමර්ෂණ කටයුතු සඳහා තමන් ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරීමේදී බස් රථය ලක්ෂ 55 කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සඳහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බවත්, විනෝද චාරික සඳහා යන පිරිස්වලින් මෝස්තර බස්රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සඳහා මෝස්තර යොදා බස් රථය අලංකාර කළ බවද අයිතිකරු විසින් පැවසූ බව ජාලිය බණ්ඩාර කියාසිටියේය.
බස් රථයේ මෝස්තර සඳහා විශාල මුදලක් වැයකර තිබුණ ද බස් රථය නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බව ජාලිය බණ්ඩාර තවදුරටත් කියාසිටියේය.
අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරීමේදී වාහනවල රෝදවල ඩ්‍රම් කොටස රත්වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර පැවසීය.
සංචාරයක් සඳහා යෑමට ප්‍රථම තමන් තෝරාගන්නා වාහනය ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමුකර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පළපුරුද්ද පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා සංචාරයන් සඳහා යෑමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටියේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart