
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩකරන ජනතාව නියෝජනය කරන සුප්‍රසිද්ධ දෑකැත්ත සහ මිටිය සළකුණ සහිතව ඉදිකර ඇති බස් නැවතුම්පොළක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.
පාසල් දරුවකු ලවා විවෘත්ත කරවනු ලබන මෙම බස් නැවතුම්පොළේ සේයාරූ සහ වීඩියෝ දර්ශන විශාල වශයෙන්, විශේෂයෙන් ෆේස්බුක් වේදිකාවේ විවිධ අදහස් සමග සංසරණය වේ.
ඇතැම් පිරිස් චෝදනා කර ඇත්තේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් ඉදිකරන ලද්දක් බවයි.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ජවිපෙ මාධ්‍ය අංශය තහවුරු කරන ලද්දේ, අදාළ බස් නැවතුම්පොළ ඉදිකිරීමට සිය පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
මෙම බස් නැවතුම්පොළ පිළිබඳ සමාජ මාධ්‍යයේ කතාබහ වඩාත් වර්ණවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ පළකර තිබූ අපූරු පොස්ටුවක් පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart