
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ – කතරගම ප්රධාන මාර්ගයේ තංගල්ල, මාරකොල්ලිය 200/2, පාලම උඩ ඊයේ (30 වැනිදා) අලුයම 4.00 ට පමණ සිදු වූ බිහිසුණු බස් රථ අනතුරකින් 10 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම අනතුරට ලක්වී ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් බව පොලිසිය කියයි.
රියැදුරුට අධික වේගය පාලනය කරගත නොහැකිව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එම පාලමේ ගැටී ඇති අතර, අනතුරින් බසයේ ඉදිරියේ වම්පස කොටසට හානි වී තිබිණි.
බස් රථය පාලමේ ගැටීමත් සමගම බසයේ සිටි මගීන් පස්දෙනකු ද ඇළට වැටී ඇති අතර, පසුව ප්රදේශවාසීන් ඔවුන් බේරාගෙන රෝහල්ගත කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart