
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉන්දියාවට ගිය හේතුව ඔහු විසින්ම හෙළිකර තිබේ.
ජස්ප්‍රිට් බුම්රා සහ ඔහුගේ බිරිද වන සංජනා ගනේෂන් විසින් ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් පවසා ඇත්තේ අද උදේ (4) “අපි අපේ පුංචි පුතා අංගද් ජස්ප්‍රිත් බුම්රා ලෝකයට පිළිගත්” බවයි.
එම සටහනේ අලුත උපන් බිළිඳකුගේ අතක් සහිත ජයාරූපයක්ද එක්කර තිබේ.
ආසියානු තරගාවලිය අතරතුර තුර ජස්ප්‍රිට් බුම්රා ඉන්දියාවට පිටත්ව ගියේ පෞද්ගලික කාරණාවක් මත බව සදහන් කරමින් වන අතර, ඔහු යළි තරගාවලියට එක්විම සම්බන්ධයෙන් සදහනක් කර නැත.
කෙසේ වෙතත් පිය පදවියට පත් ජස්ප්‍රිට් බුම්රා ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයට එක්වනු ඇති බව වාර්තාවේ.
ජස්ප්‍රිට් බුම්රා සහ සන්ජනා ගනේෂන් 2021 වසරේදි විවාහ දිවියට පිවිසියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart