March 23, 2025

දෙනියාය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උප කඳවුරක් වන පුෂ්පාරාම කඳවුරේ නිලධාරීන් විසින් නිවසක් පරීක්ෂාවකට ලක් කර ටී56 උණ්ඩ හැටක් ,m16 වර්ගයේ උණ්ඩ හයක් ,ටී 56 පුහුණු උණ්ඩ කොපු නමයක්, කඩුවක්, වාහන අංක තහඩු කිහිපයක් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී එම නිවසේ කිසිවෙකුත් නොසිටි අතර එහි හිමිකරු හිටපු යුද හමුදා සෙබළකු බව අනාවරණය වී තිබේ.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.