
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ලබන මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කරන බව එක්සත් රාජධානිය සහ කැනඩාව වාචිකව ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවලට සම-අනුග්‍රහය දැක්වූ අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ නව ප්‍රධාන කණ්ඩායමේ සංයුතිය වෙනස්වීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව සමඟ මීට පෙර යෝජනාවලදී සහාය දැක්වූ මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ද මෙම වසරේ යෝජනාවට පාර්ශවකරුවන් ලෙස එක්නොවිය හැකි බව වාර්තා වේ.
ඉකුත් ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක්, 60 වැනි සැසිවාරයේදී “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය” පිළිබඳ සිය වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
කෙටුම්පත් කර ඇති වැඩසටහන් අනුව, වාර්තාව සැසිවාරය ආරම්භ වන සැප්තැම්බර් 8 වැනි දින ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවාහි පැවැත්වෙන සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත පවසාඇත්තේ, පසුගිය සැප්තැම්බර් මාසයේ නව ආණ්ඩුව බලයට පත් වූ දා සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම්වල ස්ථාවරය ලිහිල්කිරීමක් සිදු වූ බවයි.
වගවීම ආමන්ත්‍රණය කිරීමේ දේශීය ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ දේශපාලන ඇඟිලිගැසීම් වලින් තොර බව සහතික කිරීම සඳහා රජය පියවර කිහිපයක් ගෙන ඇතැයි ද ඔහු පවසයි.
එමෙන්ම ජාතික ජනබලවේගය පොරොන්දු වූ පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා දේශීය යාන්ත්‍රණය කෙරෙහි අන්තර්ජාතික විශ්වාසය තවදුරටත් ඉහළ නංවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart