
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම්දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ‘මව්බිම’ට පවසා ඇත.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවද ඔහු කියයි.
නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක් යැයි කී හෙතෙම ඒ අනුව නීතිපතිවරයා මහජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වගවීමේ කොටසක් යැයි අවධාරණය කරයි.
සමාජයීය වශයෙන් ඉහළ අවධානයක් යොමු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය වැනි සිදුවීමකදී එහි විත්තිකරුවන් නිදහස් කිරීම ගැන රටට කරුණු පැහැදිලි කිරීමට නීතිපතිවරයාට යුතුකමක් ඇතැයිද ජනාධිපති නීතිඥවරයා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශ්වසනීයත්වය බිඳවැටෙන්නේ එවැනි අවස්ථාවල මුනිවත රකින ප්‍රතිපත්තියෙන් යැයි හෙතෙම කියයි.
මහින්ද රාප්පක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන ආණ්ඩු කාලවලදී සුවිශේෂී නඩුවලින් ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළේ යැයිද, මහජනතාව ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලබාදුන්නේද එවැනි තත්ත්වයන් වැළැක්වීමට යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart