
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පත්කිරීමක් සිදුකරන තෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත්කර තිබේ.
ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත.
1993 වසරේ නීතිඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය, අල්ලස් කොමිසමේ රාජකාරී අරඹන්නේ, 1996 වසරේදී ය.
ඒ අනුව අල්ලස් කොමිසමේ වසර 28 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ඇය අවසාන වශයෙන්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස කටයුතු කර තිබේ.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී. විජේරත්න පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart