
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, තමන්ට එරෙහිව විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළකළේය.
එහිදී ඔහු පැවසුවේ, දේශපාලනඥයන් ඇතුළුව විවිධ පුද්ගලයන් තමා සහ කොමිෂන් සභාව අරමුණු කරගනිමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් සිටින බවයි.
ඒ අනුව කොමිසම එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසුවේය.
නන්දන ගුණතිලක තමන් සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ සහ එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රතිචාර දැක්වීය.
එහිදී ඔහු කියා සිටියේ තමන් සම්බන්ධයෙන් නන්දන ගුණතිලක විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් කරන ලද්දක් බවයි.
ඔහුගේ එම තොරතුරු අනාවරණයේ සත්‍ය අසත්‍යතාව සමාජය වෙත පැහැදිලි කිරීම ඔහුගේ වගකීමක් බවත්, නන්දන ගුණතිලක සිදුකරන ලද ප්‍රකාශය අසත්‍ය නම් ඔහුට එරෙහිව අනිවාර්යයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹිය යුතු බවත් රංග දිසානායක පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ එකී අධිකරණ ක්‍රියාමාර්ගය මගදී සමථයකට පත්වන ‘හුරතල් හා විනෝදජනක’ ක්‍රියාවලියක් නොවිය යුතු බවයි.
එමෙන්ම ඔහු උදය ගම්මන්පිල තමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ සහ එල්ල කළ චෝදනා සඳහා ද ප්‍රතිචාර දැක්වීය.
රංග දිසානායක එහිදී පැවසුවේ තමන් දූෂණ විරෝධී පනතේ 19 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කරන බව ගම්මන්පිල පවසා ඇති බවයි.
”මේ වගන්තියේ තියෙනවා අධ්යක්ෂ ජෙනරාල්ට නුසුදුසුකම්. යම් මැතිවරණයක් සමයේදී දේශපාලන පක්ෂයක යම් තනතුරක් දැරීම. එහෙම දරලා තියෙනවා නම් මේ තනතුර බාරගන්න කලින් මා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවසථා සභාවට ලේඛනයක් මගින් මගේ බැඳීම් හෙළිදරව් කරනවා. කරුණාකරලා නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එරෙහිව පැමිණිල්ලක් කරන්න.” යනුවෙන් ද ඔහු පැවසුවේය.
”ගම්මන්පිල මහතා තව එකක් කියනවා. අර්ජුන් මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනම් කිරීම ඉවත් කළා කියලා. මට අර්ජුන මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනමක් තිබුණාද කියන කරුණ මතක නෑ. ඒත් මම එහෙම විදේශ ගමන් තහනම ඉවත් කිරීමක් කළේ නෑ කියලා ඉතාම පැහැදිලියි.” යනුවෙන් ද ඔහු ජනමාධ්‍ය හමුවේ අනාවරණ කළේය.
”මේවාට විරුද්ධව මම පියවර ගන්නවා නම්, මොනවාද පියවර ගන්නේ. සාපරාධී අපහාසය ලංකාවේ නෑ. මට පුලුවන් සිවිල් අපහාස නඩුවක් දාන්න. දැන් මම නඩු දාලා මේ අයගේ පස්සේ යන්න ඕනෑ. මේ කොමිසමේ පහසුකම්, සේවකයන් අඩුයි. කොයිතරම් අපහසුවෙන්ද විමර්ශන කරන්නේ. මේවා කරන්නේ නැතිව අරගොල්ලන් පස්සේ යන්න වෙනවා මට.” යනුවෙන් ද අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart