August 17, 2023

හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

අද පස්වරු 8.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

ගින්නෙන් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශවී ඇතැයි වාර්තා සඳහන් කරයි.

තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙලෙස ගිනිගැනීමට ලක්ව තිබේ.

කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකයට අයත් රථ 06ක් යොදවා ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කර ඇත.

කෙසේවෙතත් කර්මාන්තශාලා පරිශ්‍රය තුළ තවමත් ගිනිගැනීම් පවතින බව වාර්තා වේ.