June 2, 2023

දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු ජනාධිපති ප්‍රනාන්දු කොලර් ද මෙලෝට වසර 08 යි මාස 10 ක සිරදඬුවමක් නියම කිරීමට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.

බ්‍රසීලියානු අභිචෝදක කාර්යාලය විසින් 73 හැවිරිදි කොලර් හට රජය විසින් පවත්වාගෙන යනු ලබන Petrobras හි අනුබද්ධ සමාගමකින් රියායිස් මිලියන 30ක් (ඩොලර් මිලියන 06ක්) පමණ අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට චෝදනා කළේය.

කොලර් යනු දශක දෙකක මිලිටරි ආඥාදායකත්වයකින් පසු 1989 දී බ්‍රසීලයේ ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයා ය.

ලිබරල්වාදී දේශපාලකයෙකු වූ නමුත්, කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඔහුව දෝෂාභියෝගයට ලක් කිරීමෙන් වසර තුනකට පසුව ඔහු ඉල්ලා අස්විය.

කෙසේවෙතත් ඔහු වරදකරු කරන අවස්ථාව වන විට නිකුත් කරන ලද සටහනක, ඔහුගේ විත්තියේ නීතීඥයින් කියා සිටියේ කොලර් “කිසිදු අපරාධයක් නොකළ” බවත් අවසානයේ ඔහු නිදොස් කරනු ඇති බවට විශ්වාසය පළ කළ බවත්ය.