
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කම්කරුවන් මිනිස් ජාවාරමට සහ අයුතු ගිවිසුම්වලට ගොදුරු වූ බවට එල්ල වූ චෝදනා මත පදනම්ව, බ්‍රසීලය විසින් චීනයේ ප්රමුඛ පෙළේ විදුලි වාහන නිෂ්පාදන සමාගමකට වහල් සේවයට සමාන තත්ත්වයන් යටතේ සේවකයන් යොදවාගත් සේවා යෝජකයන්ගේ ලේඛනයට (කළු ලැයිස්තුවට) ඇතුළත් කර ඇත.
බ්‍රසීල කම්කරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුව, චීනයට පසුව එම මෝටර් රථ නිෂ්පාදකයාගේ විශාලතම වෙළඳපොළ වන බ්‍රසීලය තුළ ඔවුන්ගේ කීර්ති නාමයට තවදුරටත් අවදානමක් ඇති කරයි.
එසේම, මෙමගින් අදාළ චීන සමාගමට බ්‍රසීල බැංකු වලින් ඇතැම් ණය වර්ග ලබා ගැනීම තහනම් වන නමුත්, එම සේවකයන් ඉදිකිරීම් සඳහා යොදවාගත් එරට පවතින ඔවුන්ගේ එකම මෝටර් රථ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතුවලට ඉන් බලපෑමක් සිදු නොවේ.
මේ පිළිබඳව අදහස් දක්වන ලෙස කළ ඉල්ලීමට අදාළ චීන සමාගම ප්‍රතිචාර දක්වා නොමැත.
ඉකුත් වසරේ නොවැම්බර් මස අගභාගයේදී බ්‍රසීල මාධ්‍ය වාර්තා කරන තෙක් මෙවැනි උල්ලංඝනයන් පිළිබඳව තමන් දැනුවත් නොවූ බව අදාළ සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, බ්‍රසීල බලධාරීන් තර්ක කරන්නේ සිය කොන්ත්‍රාත්කරුවන් අධීක්ෂණය කිරීමේ වගකීම ඇති බැවින්, තම සේවකයින්ගේ සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් අවසාන වශයෙන් අදාළ සමාගම වගකිව යුතු බවයි.
බ්‍රසීල රජය විසින් පවත්වාගෙන යනු ලබන මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීම මගින් අදාළ සමාගමට රජයේ කොන්ත්‍රාත්තු ලබා ගැනීම සහ පොදු බැංකු වලින් අඩු පොලී ණය ලබා ගැනීම වසර දෙකක කාලයකට තහනම් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart