
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය විසින් ප්‍රකාශයට පත්කරන කෘතියක් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
‘ශ්‍රී ලංකා – චීන මිතුදම’ කෘතිය සංස්කරණය කර ඇත්තේ, ශ්‍රි ලංකා – චීන මිත්‍ර සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ආනන්ද ගුණතිලක විසිනි.
එම කෘතිය තුළ කලා, දේශපාලන,ආර්ථික සහ සාමාජීය වැනි ක්ෂේත්‍ර රැසක සාරගර්භ ලිපි රැසක් අන්තර්ගත කර ඇත.
විවිධ විද්වතුන්, බුද්ධිමතුන් රැසක බුදධිමය දායකත්වයෙන් සංග්‍රහ කර ඇති මෙම කෘතිය එළැඹෙන 16 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්රලේඛණ මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය.
මෙම උත්සවය සඳහා සහභාගීවීමට කැමති සියලුම දෙනා හට නොමිලයේ මෙම කෘතිය පිරිනැමීමට එම සංගමය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart