
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් තිබී වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා ගොඩගෙන තිබේ.
අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන මෙම සිසුවිය උදෑසනම උපකාරක පන්තියට ගොස් ඇතත් සවස් වන තුරුම නොපැමිණීම නිසා ඇගේ දෙව්පියන්, ඥාතීන් හා අසල්වාසීන් ඇය සොයන්නට පටන්ගෙන ඇත.
ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති අතරවාරයේ ඇගේ පොත් බෑගය හා පාපැදිය එම උපකාරක පන්තියේ තැනක තිබී හමු වී තිබේ.
වහාම මේ පිළිබඳව වවුනියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසියේ කණාඩමක් ගොස් අවට විපරම් කර බැලීමේදී සිසුවියගේ මළසිරුර අඩි 40ක් පමණ ගැඹුරු ළිඳේ පාවෙමින් තිබී ඇත.
මෙම සිසුවිය වවුනියාව ගෝමරසන්කුලම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය වවුනියාව රම්බෙයිකුලම් බාලිකා විද්‍යාලයේ සිසුවියකි.
අධිකරණ නියෝග මත ඇගේ මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එම පරීක්ෂණය අවසන් වනතුරු මෙම මරණය මිනීමැරුමක් ද සියදිවි හානිකර ගැනීමක් ද යන්න ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බව පවසන වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart