
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලයට බලපා ඇති විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් ගසාගෙන ආ බවට සැකකෙරෙන මෘතදේහ 7ක් ඉන්දියාවේ නදී මාර්ගවලින් සොයාගත් බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.
නේපාලයේ දකුණුදිග චිත්වාන් ප්‍රදේශයට මායිම්ව පිහිටි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබියදී මෙම සිරුරු හමුවී තිබේ.
මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් සඳහන් කර ඇත්තේ, හඳුනානොගත් සිරුරු 4ක් සිය දිස්ත්‍රික්කයෙන් හමු වූ බවත්, නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර සමඟ ඒවා ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බවත්ය.
ඊට අමතරව එම දේශසීමාවේ සිට කිලෝමීටර 70ක් පමණ පහළින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගත් බව පොලිසිය තහවුරු කර තිබේ.
අදාළ මෘතදේහ කාගේදැයි හඳුනාගැනීම සඳහා බලධාරීහු මේ වන විට විමර්ශන පවත්වති.
මෙම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නේපාලයෙන් සොයාගත් සිරුරු 469ක් සහ චීනයෙන් වාර්තා වූ මරණ 3ක් ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 472 දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
තවත් 1,400කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති අතර, ඉන්දියාවෙන් සොයාගත් මෙම මෘතදේහ 7 තවමත් නිල මරණ සංඛ්‍යාවට ඇතුළත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart